Wednesday, May 30

Linux සහ පැණියා

මේදවස් වල පැණියා අයියා  ටිකක් තරහෙන් ඉන්නේ Windows එක්ක මොකද මිනිහගේ Machine එකටම sorry වෙලා සුපිරිම Virus එකක් attack කරලා.Data ඔක්කොම ඉවරයි.දන්නවා නේ ඉතින් Windows වල එන Virus ගැන මම අලුතෙන් කියන්න ඕනේ නැහැ නේ  හී හී .......අන්න ඒ නිසා මට අද කියුවා කස්ටියට LINUX ගැන පොඩි නෙමේ ලොකුම තෙලක් ගහන්න කියලා.ඔන්න මම Java Post ලියන ඒක නතර කරලා අවා Linux තෙල ගහන්න .තෙල ගහනවා කියන්නේ මොකක්ද කියල Campus ඈ යන්ට නම් කියන්ඩ ඕනේ නැහැනේ .නමුත් මම අනිත් අයට දැනගන්ඩ මම කියලදෙන්නම්.තෙල ගහනවා කියන්නේ යමක් ගැන තදින්ම යමෙකුට හෝ පිරිසකට අවවාද දෙන එකනේ.මේක තේරෙන විදිහටම කියුවොත් Brainwash එකක් දෙනවා කියලත් කියන්ඩ පුළුවන් කතාව නවත්වල වැඩේ පටන් ගනිමුකෝ.
Linux කියන්නේ මෙහෙයුම් පද්දතියක් සරලවම කියනවා නම් O.S(Operating System) එකක් .මේකේ අනිත් OS වලට වඩා විශේෂ ලක්ෂණ කීපයක් තියනවා.
  • මෙය Open Source මෙහෙයුම් පද්දතියකි.මේ සදහා කිසිම මුදලක් වය වන්නේ නැහැ තවත් දෙයක් මෙහි එන source Codes අපිට බලන්න පුළුවන් තමන්ට කැමති විදිහට OS එක Customize කරගන්න පුළුවන් 
  • Kernel එකක් use කිරීම.
Kernel එකක් කියන්නේ මොකක්‌ද ?

Kernel is the heart of the Linux OS.මෙහෙම කියුවහම ඔයගොල්ලන්ට තේරෙනවා ඇති Kernel එකේ වැදගත් කම  Memory Management,Memory File Storing,Hardware Devices Managing වගේ වැදගත් වැඩ ගොඩක් කරනවා .ඇත්තටම Kernel එක තමයි Hardware Interface එකට Connect වෙලා එක Control කරන කෙනා.Kernel එකක් පහත ප්‍රධාන වැඩ ටික කරනවා.
  • Input/Output කළමනාකරණය.
  • පරිගණකයේ  එන Processes කළමනාකරණය .
  • Devices කළමනාකරණය 
  • Memory management 
දැන් තේරුණානේ  Kernel එකේ වැදගත්කම.

Linux Shell එක කියන්නේ මොකක්ද?
ඔයාල  දන්නවනේ Computer එකට තේරෙන්නේ binaries විතරයි කියලා Shell එකක් කියන්නේ අපි run කරන program එකක් සාමාන්‍යයෙන් තියෙන්නේ English වලින් නෙ අන්න ඒ වගේ program එකක් interpret කරන නැත්නම් සරලවම කියුවොත් binaries වලට පරිවර්තනයකරන interpreter කෙනෙක් ලෙස හැසිරෙන එකී Shell එකේ කාර්යභාර්ය.